Friday, August 26, 2016

විවේකය




ලොව වෙසෙන සෑම මනුෂ්‍යෙයකුටම විවේකය අත්‍යාවශ්‍යයය. අත පය වෙහෙසා වැඩ කරන කම්කරැවාටත්, මොලය වෙහෙසවා වැඩ කරන ලිපිකරුවාටත්, නිවසේ වැඩපළ කරන ගෘහනියටත් විවේකය යන්න එක සේ අවශ්‍යය. සරලව ගත්හොත් යම් වැඩක නිරතව සිට එම කාර්යයෙන් මදකට අත් මිදී නිදහසේ කාලය ගත කිරීම විවේකය ලෙස හඳුන්වා දිය හැකිය. නමුත් මෙහිදී අවබෝධ කරගත යුතු කාරණය වන්නේ අලසකමින් කාලය නිකරුනේ ගත කිරීමත් , විවේකීව ගත කිරීමත් යනු එකිනෙකට වෙනස් කාරනා ද්විත්වයකි. මේ කාරනා දෙක අතර මහත් වූ වෙනසක් ඇත . 
ලෝකයේ ඇති අනර්ඝතම වස්තුව වනාහී කාලයයි. ඒ නිසාවෙන්ම කාලයෙන් එක විනාඩියකදු අපතේ හැරිය යුතු නොවේ. නමුත් බොහෝ මිනිසුන් විවේක කාලය නිකරුනේ ගත කර දමයි. සමහරුන් සිතන්නේ හුදු අලසකම විවේකය කියාය. ඇතැමෙක් වාඩි වී නිකරුණේ කල්පනාවේ යෙදෙති. ඇතැමෙක් නිකම් ඔහේ වැඩි වි සිටිති. මෙලෙස නිකම් වාඩි වී සිටින්නේ කාලකණ්ණි මිනිසුන්ය. නමුත් විවේක කාලය නිසි පරිදි ගත කරන පුද්ගලයාට විවේකය බොහෝ ප්‍රෙයා්ජනවත් වේ. එබඳ නුවණැති පුද්ගලයෝ විවේකයෙන් උපරිම ඵල නෙලා ගනිති. එම ප්‍රෙයා්ජන අතර දැනුම ලැබීම, ගෙවතු අලංකාර වීම යනාදිය ප්‍රමඛ වේ. මේ නිසාවෙන් විවේකය ඵලදායි ලෙස ගත කිරීමට කුඩා කළ සිටම හුරු පුරුදු වීම තුලින් තමන්ගේ අනාගතය යහපත් කර ගැනීමට හැකිවනු ඇත.

රූපවාහිනය සහ ළමයා

ලෝකය දවසින් දවස වෙනස් වෙමින් පවතී. එය දවසින් දවස සංකීර්ණය වෙමින් පවතී. ඒ හේතුව නිසාම ළමයා පිලිබඳව අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇත. ඇත්තෙන්ම ළමයා යනු කවුරුන්ද ? පියාජේ නැමැති මනෝ විද්‍යාඥයාට අනුව ළමයා යනු අවුරුදු 5 සිට 15 දක්වා වයස් සීමාවල සිටින පිරිස්ය. උපතේ සිට අවුරුදු 5 දක්වා පිරිස් බිලිඳුන් ලෙස හඳුන්වනු ලබන අතර අවුරුදු 16 සිට 18 දක්වා වයස් සීමාවල අය නව යොවුන් විය හෙවත් ගැටවර අවදිය ලෙස හඳුන්වනු ලබයි. දරැවෙකු මෙලොව එලිය දකින විට නිර්මල පිවිතුරු වස්තුවකි. ඔවුන්ගේ සිතෙහි කිසිඳු කිළිටක් හෝ කහටක් නොමැත. මේ නොකිළිටි වස්තුව නිසියාකාරයෙන් ඔප දැමීමේ පළමු වගකීම ඇත්තේ දෙමාපියන්ටය. එය එක්තරා ආකාරයක අභියෝගයකි. දරැවා හදාවඩා ගැනීමේදී ඔහුට ගරළපෙන පරිසරයක් මවා පෑමෙන් අපට අවැසි සිත්‍රවිලි ළමයා ත්‍රළ ඇති කිරීමට හැකිවෙන බව අධ්‍යාපනවේදියෙකු වන ජෝන්ලොග් විසින් ප්‍රකාශයක් කර ඇත. එහෙයින් වඩාත් සැළකිලිමත් විය යුතු කාරණය වන්නේ ළමා මනසට ගෝචර නොවන සංකල්ප දරැවා මත පැටවීම සැබවින්ම අපරාධයකි. 
අතීතයේදී ළමයා යොවුන් වියට පැමිනෙන තුරැ දැනුම, අවබෝධය ලැබුවේ තමන්ගේ නිවසේ සිටින දෙමාපියන් ඇතුලු වැඩිහිටියන්ගෙනි. ජනතකා, ජනකවි, ජන ක්‍රීඩා මෙන්ම ආගමික වතාවත් මගින් දරැවා වෙත ඥානය ලබා දිම නිවසේ සිටන සියලු දෙනා විසින් ඉටු කැන ලද රාජකාරියක් විය. නමුත් අද මෙම ක්‍රියාවලිය දරුවා තුළින් කොපමණ දුරට ඈත් වී තිබේද ? එදා හැන්දෑවට ආච්චිලා, සීයලා විසින් තම දරුමුණුපුරන් පිරිවරා කවි කතන්දර කියා දිම සුලබ කරුණකි. ඒ තුලින් දරැවා ලද සමාජ පන්නරය අති මහත්ය. නමුත් අද තත්වය ඉතා වෙනස්ය. මහලු දෙමාපියන් අද වැඩිහිටි නිවාසවල තනිවී ඇත. මෙම ඛේදවාචකය නිසා විදයුත් මාධයට වාසිදායක වී ඇත. ඒ නිසා මාධ්‍යයට දරුවන් තම ග්‍රහනයට ගැනීම ඉතා පහසු කටයුත්තක් වී ඇත. එදා නිර්මාණශීලි දරැවන් බිහිකළ සමාජය අද නිර්මාණශීලීත්වයෙන් තොර නිසරු දරැවන් සමාජයට දායාද කරමින් සිටියි.




මෙහිදී වැඩි බලපෑමක් රූපවාහිනිය මගින් ඉටු කරනු ලබයි. අපේ සමහර දෙමාපියන් තම දරුවන්ට බත් කැවීමට හෝ අඩන විට සන්සුන් කිරීමට රූපවාහිනිය යොදා ගැනීම සිදු කරනු ඇකගත හැකිය. කාටූන් වැඩසටහන් සියල්ලක්ම දරුවන්ට යෝග්‍ය යැයි සිතීමට  තරම් දෙමාපියන් අනවබෝධයෙන් කටයුතු කිරීම හාස්‍යට කාරණයකි. ලොව පුරා සිදු කරන ලද පර්යේසණවලින් තහවුරු වී ඇත්තේ ළමා කාටූන් වැඩසටහන්වලින් 70% වඩා වැඩි ප්‍රමාණයක් ළමා මනස කළඹන ප්‍රචන්ඩත්වයෙන් යුතු බවයි.මෙම වැඩසටහන් නිරන්තරයෙන් බලන දරුවන් මේ ප්‍රචන්ජත්වයන් තමන්ට ආරූඪ කරගනු ලබයි. මේ තුලින් දරැවන්ගේ පෞරැෂත්වය බිඳ වැටීම කාටවත් වැලැක්විය නොහැක. 


එසේම රූපවාහිනියට ඇබ්බැහි වු දරුවන්ගෙන් වැඩි දෙනෙකු මානසික රෝගයන්ට ගොදුරුවන බවද  සොයාගෙන ඇත. බැට් මෑන්, ස්පයිඩර් මෑන් වැනි කාටූන් වැඩසටහන් නැරඹීම මගින් දරැවන්ගේ මානසික ආතතිය වැඩි වේ. එසේම දරුවන්ගේ ඇස්වල යම් යම් රෝග තත්ත්වයන් ද මතුවේ. තවද දරුවන්ගේ දෛනික ජීවන රටාව ද කඩි බිඳ දමන බව රහසක් නොවේ. දරැවන් මෙම වැඩසටහන් නරඹන්නේ තමන්ගේ අධ්‍යාපනික කටයුතු පවා අතපසු කර ගනිමිනි. පොත්පත් කියවිමෙන් දරුවන් බොහෝ සෙයින් අෑත් වී ඇත. පොත් ලෝකයේ වින්දනයක් ලබන්නට සිහින අතර සැරිසරන්නට ඔවුන් හුරු වී නැත.මේ නිසාවෙන්ම දරුවන් තුලින් පරිකල්පන ශක්තිය ඈත් වෙමින් ඇති අතරම ශබ්ද කෝෂය ද පටු වෙමින් පවතී. 


රූපවාහිනයට දරුවන් ඇබ්බැහි වී තිබෙන නිසා විවිධ සමාජමය ප්‍රශ්න ද මතු වී ඇත. ඇතැම් දරුවන්ගේ සිතේ ගොඩ ගැසී ඇත්තේ නලු නිලියන්ගේ රෑපයන්ය. ඔවුන්ගේ කුඩා ලෝකයේ වීරයන් වන ඒ නලු නිලියන්ව අනුකරණය කිරීමට පවා දරුවන් පෙළඹෙනු ඇත. මේ ආකාරයට රූපවාහිනිය සමාජීය සහ මානසික අර්බුද මවා පාන බව සත්‍යයක් වුවත් එයින් මිදීමට අපට හැකියාවක් නැත. ඒ තරමටම රූපවාහිනිය සමාජය විනිවිද ගොස් හමාරය. රූපවාහිනි මාධ්‍යෙය් හොඳ නරක එකම කාසියක දෙපැත්ත මෙනි. හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා සේ මෙහි අවශ්‍ය දේ පමණක් ගෙන අනවශ්‍ය දේ බැහැර කිරීමට උගත යුතුය. ඒ තුලින් දරැවන්ගේ සුන්දර ලෝකය විනාශ වීම වැලැක්විය හැකි වනු ඇත.



මායාවී


නිවාලයි ගත
සිහිල් පවනින්
රැස් පරදවා දාහයේ
චංචලයි සිත
සිහින සිතුවිලි
ගැඹුරු රළ දිය රැලි මවා
පෙම යදින දෙතොළත
සිහිනයක පටලවා
මායාවකි ඔබත්
හද පෙළන
මා නෙතු රවටනා..




රිදවන මතකය


නුහුරු අන්ධකාරෙක
සිතේ කකියන
මහමෙරක් තරම් වූ
සෙනෙහසක මහිම
කියයි රහසින්.....
විටෙක නික්මී
යලිත් විත්
සෙමින් ආදරෙන්
හද සිඹින
රිදවන
ඒ මතකය 
පා කර හැරියෙමි
සිහින ඔරුවක...
සදා ගොලුවිය
දෝරෙ ගලා ගිය
රස‍ඳුනක මිහිර
අමාවකයි වගේ 
කලුවරයි සිත...


Wednesday, August 17, 2016

මගුල් මුද්ද

හදිස්සියට
උකස් කලා
පස්සෙ බේරගන්න
ඒත්....
මාසෙ අන්තිමට
ගෙවනව
පොලී විතරක්
සින්න නොවී බේරගන්න...

Saturday, August 13, 2016

ඔබත් නැති කල..



තිදස පුරේ වැඩහිඳ
දිවැස් හෙලන
අප මහ සඳ
ඔබ හද පාමුල 
වදිනෙමි නිතියෙන්
සසර පුරුද්දට
පිහිටක් සරණක්
තවමත් ඈත ද?
දෛවය කරනා සෙල්ලම
රුදුරුයි ඉරණම
අදුරුයි දිවියම..
ගිනි තියාන පපු කැනැත්ත
මියැදුනු දා ගෙදර උන්දැ
යන්න ගියා සිරි දෙව්දුව
පෑල දොරින් එදා රෑම...
"කටුවල අල හැමදාමත්
එපා අපට තුන් වේලම"
පුන්චි එවුන් අම්මා සොයයි
රන්ඩු කරයි දබර කරයි...

කන්නලව්ව


නිදි වරාන රෑ තුන්යම
සී පදයෙන් තොල තෙමාන
වේවැලත් එක්ක ඔට්ටු වෙන
ජීවිත වියමන...
උදේ රැයින් පටන් අරන්
බිම් කලුවර වැටෙනා තුරු
වේවැල් බට වියමන
පිහිට වේවි හැමදමත්
ගෙදර උන්ගෙ සාගිනි නිවන්න...
සොච්චම් මුදලකට උනත්
හන්දියෙ මහ කඩේට
කූඩ දෙන්නෙ හැමදාමත්
කොරන්නම දෙයක් වෙන
නැති හන්දනෙ....
තුට්ටු දෙකට ආයුබොවන්
හෙට්ටු එපා අනේ ඔහොම
හැමදමත් ගොයියෝ බෑ
මේ සෙල්ලම කරන්න.....

Monday, August 8, 2016

දේවදාසී


දේව උදහස
බියෙන් තැතිගත්
ආගන්තුක සුවදක
අතරමං වුනු
බැතිබර සිත
හැරදා දෙවොල් බිම
ගියපු වරදට
දොර වැසී ඇත
දේවදාසිට....
දෙවොල පාමුල හිද
ඉකිගසත් ඈ
නොමත දිරි
පය තියන්නට
යලිත් දෙවොලට...

ලැබීම් නොලැබීම්


නොපැතූ
නොඉල්ලූ
අවැසි නොවූ
බොහෝ දේ
හිමි විය
ඒත්..
පැතූ
ඉල්ලූ
අවැසි වූ
බොහෝ දේ 
අහිමි විය..

කසාදය


නොගැළපීම්
ගළපගන්න
කියලා හිතාගෙන
නොගැළපෙන කෙනෙක් එක්ක
ගළපගන්න තටමන
ජීවිතය .........


Sunday, July 31, 2016

කරච්චලේ



කොළඹ ඇවිදිනවා කියන එකත් ලේසි පහසු කටයුත්තක් නෙවෙයිනෙ. එක වැඩක් නෙවේ වැඩ කිහිපයක්ම කර ගන්න තිබුණු නිසා උදේ ඉඳන් බස්වල එහෙ මෙහෙ ගිහිල්ලා පුද්ම මහන්සියක්. පිච්චෙන කාෂ්ඨක අව්ව, ට්‍රැෆික් එක, සෙනග මේ හැමදේකින්ම ගතට විතරක් නෙවේ හිතටත් දැණුනෙ පුදුම වෙහෙසක්. අපහසුවක්. කොහොමින් කොහොම හරි වැඩ ටික ඔක්කොම එකම දවසින් ඉවර කරගෙන බස් එකට නැග්ගෙ ගෙදර එන්න. සීට් එකට ඔලුව තියාගෙන යාන්තමට ඇස් දෙක පියාගත්තෙ මහන්සිය වැඩිකමට. එක පාරටම උඩ ගිහිජ ඇහැරුණේ කණ ළගින් මහා ඝෝෂාවක් ඇහුණ නිසා. නින්දෙන් නැගිටපු ගමන් නිසාද මන්දා තත්පර ගාණක් ගියා පස්සෙයි තේරුනේ ඒ සින්දුවක් කියලා. මටම හිනා.
ඔන්න අද අපේ පොදු මගී ප්‍රවාහන සේවය. (හැබැයි ඉතිං හැම බස් එකකටම මේක අදාළ නැහැ. බහුතරයක් පෙෳද්ගලික බස් තමයි) සිංදු අහන්න අපි ඔක්කොම කැමතියි. සින්දුවකින් ඕනෙම කෙනෙක්ගෙ හැගීම්වලට කතා කරන්න පුලුවන්. (අද කාලෙ සින්දුවලින් කරන්නෙ මිනිසුන්ගෙ තියෙන හැගීමුත් නැති කරන එකනෙ.ඒක වෙනම කතාවක්) බස්වල දාන සින්දුවල සින්දුවට වඩා ඇහෙන්නෙ දඩි බිඩි ගාන සංගීතෙ. සින්දුවක් උනත් මිනිහෙක්ට අහගෙන ඉන්න පුලුවන් එකක් වෙන්න එපැයි.
 සමහර තරුණ පිරිස් මේ ඝෝෂාකිරී සංගීතයට කැමති වුණත් ඒ අය විතරක්ම නෙවෙයි මේ බස්වල යන්නෙ එන්නෙ. මහලු උදවිය, ගැබිණි මව්වරු, කුඩා දරුවො පවා යනවා. සමහර අවස්ථාවල මේ සින්දු දාන්නෙ උපරිම සද්දෙන්. දුර ගමන් බස්රථයක් නම් පොඩ්ඩක් සිතන්න පැය කිහිපයක් මේ ඝෝෂාව අහගෙන ඉන්නවා කියන එක කොයිතරම් නම් හිසරදයක්ද කියලා. ඒ මදිවට දැන් ටීවි එකකුත් තියනවා බස්වල. ඒවගෙ පෙන්වන සමහර දේවල් බලන්නත් ලැජ්ජයි. ඉදිරිපෙළ අසුන පූජ්‍ය පක්ෂය වෙන් කරලා මේ වගේ වීඩියෝ පෙන්වන එක කොයිතරම් දුරකට සාධාරණ ද කියන දේ සිතා බැලිය යුතුයි නේද...

බස්රියකට මගියෙක් ගොඩවෙන්නෙ සැප පහසුව ලබාගෙන නොවෙයි තමයි. ඒත් අපහසුවකින් තොරව ගමනාන්තයට ළගා වීමට සම්පූර්ණ අයිතියක් ඒ මගියා සතුයි. ඒ නිසා බස්රථ හිමියන් හා කොන්දොස්තර මහතුන් තමන්ගේ මඩිය තද කරගැනීම පිලිබඳව පමණක් නොසිතා ගුනාත්මක සේවයක් තුළින් මගියා තෘප්තිමත් කිරීම ද වගකීමකි. 






අස්ථිරයි



ඕනෑවටත් වැඩියෙන්
ආදරයට එපා
ආදරය කරන්නට
අහිමි වූ දිනයක
ඕනෑවටත් වැඩියෙන්
වේදනා විඳීවි නුඹ.....

Friday, July 29, 2016

අපිට අපි නැති වීම

විසිඑක් වන සියවසේ නවමු ප්‍රවණතාවය වන්නේ ගෝලීයකරණයයි. තවත් ලෙසකින් එය අර්ථ ලන්වන්නේ නම් ලෝකය එකම ආර්ථික හා සමාජීය රටාවකට එකමුතු වීම ගෝලීයකරණයයි. මෑතක් වන තුරුම කතා බහට ලක් වූ කාරණයක් වන්නේ විශ්ව ගම්මාන සංකල්පයයි. නමුත් අද වන විට එය විශ්ව පවුල දක්වා ගමන් කර ඇත. ගෝලීයකරණය ආන්දෝලනාත්මක විෂයක් වී ඇත්තේ මේ යටතේ එකම ආර්ථික රටාවක්, එකම සංස්කෘතියක ක්‍රියාදාමයක්, එකම ඇදහිලි පද්ධතියක් මේ යටතේ බිහිවෙමින් පවතින නිසාය.



ලෝකය මෑතක දී සිට අදහාගත නොහැකි තරමින් සංකෝචනය වෙමින් පවතී. අන්තර්ජාලය ලෝකය කුඩා කර ඇත. නවීන සන්නිවේදන හා තාක්ෂණික මෙවලම් ඇසුරින් ලොව රටවල් අතර පවත්නා දුරස් බව ක්‍රමයෙන් අඩුකර ඇත. අත දිගු කළ සැනින් ලෝකයේ ඒනෑම තැනක් හා සම්බන්ධ විය හැකිය. පෙර කී ලෙස විශ්ව ගම්මානය විශ්ව පවුලක් බවට පත් වූයේ මේ අනුවය.
සංවාත ආර්ථිකයක් ඇති රටවල් පවා පෙර නොවූ විරෑ ලෙස අන්තර් සම්බන්ධතා පවත්වයි. ඇමතුමක් මගින් ලොව ඈත කෙළවරක අයෙකු හා සම්බන්ධ විය හැකිය. එය කෙතරම් දියුනු තත්ත්වයකට පත්ව ඇත්ද කිවහොත් වෙනත් රටක ඇති භාණ්ඩයක් ගෙන්වා ගැනීමට පමණක් නොව වෛද්‍ය ප්‍රතිකාර පවා ලබා ගැනිමට හැකිය. ලෝකයම විසිත්ත කාමරයකට කොටු කර ඇත්තා සේය. ඉංග්‍රිසි භාෂාව හා නව තාක්ෂණික මෙවලම් පරිහරණයේ හැකියාව ඇති කාට වුවද නව තාක්ෂණයේ අනුහසින් මුලු ලෝකය තමා අසලින් මැවිය හැකිය.
අන්තර්ජාලය මගින් ලොවම ස්පර්ෂ කරන අතර ඉංග්‍රීසි භාෂාව පමණක් නොව ඉංග්‍රීසි සංස්කාතිය ද දුබල රටවල් කෙරෙහි බලපෑම් කෙරෙනු දැකිය හැකිය. බලවත් රටවල් සිය සංස්කෘතිකාංග වෙනත් රටවලට ව්‍යාප්ත කරන්නේ වඩා කැමැත්තෙනි. ඇමරිකානු සංස්කෘතික අධිරාජයයක් ලෙව පුරා වයාප්ත වීම ඉතා වේගයෙන් සිදු වේ. හොලිවුඩ් සිනමාව, කව්බෝයි චිත්‍රපට සම්ප්‍රදාය, පොප් සංගීතය දැනටමත් ලොව බොහෝ රටවල් ආක්‍රමණය කර හමාරය.
මානව වර්ගයාගේ සුව පහසුව උදෙසා මානව පරිශ්‍රමයෙහි ප්‍රතිඵල බෙදා හදා ගත යුතුයි. එහෙත් එය රටක අනන්‍යතාවය කෙරෙහි බලපෑම් කරන්නේ නම් ඒ ඉදිරියේ මුනිවත රැකිම බලවත් වරදකි. ගෝලියකරණයේ සාධනීය පක්ෂණ සැබවින්ම අප අලය කළ යුතුය. එහෙත් එයින් යම් සංස්කෘතික පසුබිමකට අනර්ථකාරී ක්‍රියාවක් සිදු වන්නේ නම් එය වහාම වැළැක්විය යුතුය.  








පිනි බිංදුවේ......

සැගවියන් ඉක්මනින්
තණපත් අතර
නොපෙනෙන්න...
හිරු නැගෙයි
ඔබ සොයයි
සිපගන්න නොව
දිවි උරා බොන්නට......


නංගිගෙන් ලියමනක්



පන්හිඳත් එක්ක ඔට්ටු වුණ
නුඹේ කවිකාරකම
තල් වැට මායිමේ
ඇස් බොඳ කරන මිරිගුවට
කෙසේ නම් හුරු වුණිද ?
පුංචි සන්ධියේදී වත්
රිදෙන්නට මගේ අත
නෑල්ලූ ඔබ
කෙලෙස හුරු වුණිද
බර ගිනි අවි දරන්නට..
බංකරේ අන්ධකාරේ
මූසල මැදියම් රැය
කණාමැදිරියන්
එලි කරනවාද....
නුඹේ නැගණිට
මුතු මාල හත තනන්නට
වන්නි හුලගත් එක්ක ඔට්ටු වෙන
අයියන්ඩි මතක් වන විට
ඇදුන්කනවා සත්තයි පපුව...
මල් මැකුන පරණ චීත්තය
එදා වගේම
කඳුළු උරා බොයි
අම්මගෙ දෑසින් වැටෙන..
නුඹෙ ලේ පුසුඹ දැවටුනු
හසුන ඊයේ ලැබුණාට
හිත කොහොම වාවම්ද...
දවස් දෙකකටවත්
ගෙදර ඇවිදින් යන්න
විරාමයක් නැතිද තව
නිවාඩුවට දුර වැඩිද?

Wednesday, July 27, 2016

කොන්දොස්තර තාත්තගේ දොස්තර පුතා





උන් මට විහිළු කළා
දොස්තර කියලා
තාත්තගේ රස්සාව
කොන්දොස්තර නිසා
අද උන් ඉරිසියා කරනවා
විහිළුව ඇත්තක් වූ නිසා

තනිකම අසුබයි


පිනි වියැකෙන
හිරු හිනැහෙන
මිහිරි උදයක
තනි පොල්කිච්චෙක්
ඉස්තෝප්පුවේ කෙළවරක...
ආත්තම්මගේ අප්පුඩියෙන්
ඉගිල ගියා වේගයෙන්
උගෙන් ගිලිහුන පිහාටුවක්
සුළගට පාවෙයි
හෙමින් හෙමින්....

සිඟන්නී


සියල්ලන්ගෙන් යදින්නී
කුසට අහරක් සොයන්නී
මහතුන්ගෙ දෙපා පිසින්නී
දරුවන්ට කවන්නී
සෝ තැවුල් උහුලන්නී
රැවුම් ගෙරවුම් ඉවසන්නී
තැනින් තැන ලගින්නී
ඈ සිඟන්නී....

Sunday, July 24, 2016

නිවාඩු කාලේ








මේස පුටු දසත විසිරී
කලු ලෑල්ල බිත්තියට වාරු දී
හුණු කොට්ට සුසුම් හෙලයි
හුණු කෑලි නැති සොවින්....
වේවැලත් පාලුවෙන්
දගකාරයින් නැති නිසා
සවන් පිරූ සිනාරැල් නැත
බිත්ති අද ගොලු වෙලා....
මල් නැතුව තනිවෙච්ච
මල් බදුන මේසෙ උඩ
ඉකි ගසයි හීනියට....
ඉදල් කොසු වැඩ නැතිව
මුල්ලකට වී තැවෙනවා
ගුරු පුටුව එදා වගේම
මේසයට තනි රකිනවා....

නිදහසක් සොයමි







එක වසර එළකියුෂන්
ශිෂ්‍යත්වෙ ටියුෂන්
ඇයි සා.පෙ(ළ)?????
ඔන්න පටන් අරන්
A/L රිවිෂන්....

කඳුල මෙයැයි....







සිහිනෙකින්වත් නොපැතු ලෙස
සැදූ ලෝකය අහිමි වූ විලස
කකියන සිත වැලපෙන විට
නුඹ පමණක් රහසින්
දෙකොපුලට තනි රැක්කා....
සිහිනයන් යථාවක් වෙමින්
සිනා මල් පොකුරු පීදී
දිවි මග තුටින් බර වෙද්දිත්
නුඹ පමණක් රහසින්
දෙකොපුලට තනි රැක්කා.....

තමන්ගේ වල තමන්ම කපා ගැනීම


වර්තමානයේදී මිනිසා අබිමුව විවිධ තර්ජන, අබියෝග පවතින බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ. නමුත් ඒ සියල්ලටම පාහේ වගකිව යුතු වන්නේද මිනිසාය. මිනිසාගේ ක්‍රියාකාරකම්ය. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ මිනිසා විසින් තමන්ට ජීවය ලබා දෙන, තමන්ව සුරක්ෂිත කරන්නා වූ පරිසරයට එනම් ස්වභාවදහමට එරෙහි වීමයි. මේ නිසා පෙර නොවූ විරූ ලෙස පරිසරයේ සමතුලිතතාවය බිඳී ගොස් ඇත. නිසි කලට වැසි නොලැබෙන අතර අධික උෂ්ණත්වය යන කාරණා මෙහිදී දැවෙන ප්‍රශ්නයක් වී ඇත.
අතීතයේ සිටම මිනිසා සහ පරිසරය අතර පැවතියේ අවියෝජනීය බැඳීමකි. කෘෂිකර්මාන්තය මෙන්ම අපේ අනෙකුත් ජීවනෝපායන් සකස් වූයේද හිතකර පාරිසරික තත්ත්වයන් හි අනුහසිනි. නමුත් ක්‍රමයෙන් සිදු වූ ජනගහන වර්ධනයත් සමග 20 වන සියවස වන විට වඩාත් අහිතකර තත්ත්වයන් ඇති වන්නට විය. අයහපත් මානව ක්‍රියාකාරකම් මේ තුලින් වැඩි වූ අතර ඒවායෙහි අතුරු ඵල භුක්ති විඳීමට සිදු වූයේද මිනිසාටමය. නමුත් මේ කිසි දෙයකින් මිනිසා පාලනය කිරීමට හෝ ඔවුන්ගේ අදහස් වෙනස් කිරීමට නොහැකි වූ අතර එන්න එන්නම මානව ක්‍රියාකාරකම් තුළින් මිහිමව විනාශ මුඛයට ඇද දැමෙයි.
විද්‍යාවේ හා තාකෂණයේ දියුණුවත් සමග මිහිතලය තවත් විනාශ වන්නට පටන් ගැනුනි. ඒවායෙන් ලබන ක්ෂණික ප්‍රතිලාභ හමුවේ මිනිසා තෘප්තියක් ලැබුවා මිසක ඉන්පසුව උදා වන අඳුරු යුගය පිළිබඳව සිතන්නටවත් ඔවුන් කාලය මිඩංගු කරන්නේ නැත. තමන් කරන් කියන දෙයින් අහිතකර ප්‍රතිඵල උදා වන්නේ අනාගත පරපුරට බව දැන් දැනත් ඔවුන් මිහිතලය සුරක්ෂිත කිරීමට කිසිඳු උත්සාහයක් හෝ නොගන්නේ නොපෙනෙන අනාගතයක් වෙනුවෙන් වෙහෙසවනවාට වඩා ජීවත් වන තමන්ගේ වර්තමානය සුඛිත කර ගනු පිණිසය.
නමුත් වර්තමානය වන විට ලෝකයේ බොහෝ දෙනෙකුගේ ඇස් ඇරී ඇත. පරිසරය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් හඩක් දස දෙසින් ඇසෙයි. පරිසර විද්වතුන් පෙන්වා දෙන ආකාරයට අයහපත් පරිසර තත්ත්වයන් සෙෳඛ්‍ය ගැටලු ද ඇති කරයි. උෂ්ණත්වය වැඩි වීමත්, ආන්ද්‍රතාවය වර්ධනයත් හේතු කොට ගෙන මැසි මදුරුවන් බහුල වීමෙන් රෝග ව්‍යාප්තිය තව තවත් වර්ධනය වනු ඇත. මේ නිසා ඉදිරියේදී බරවා. මැලේරියා, ඩෙංගු වැනි වසංගත රෝග ව්‍යාප්තියේ අවදානම අදට වඩා සක්‍රීය වනු ඇත. ප්ලිස්ටික් ආශ්‍රිත කර්මාන්ත, වායුසමන, ශීතකරණ.යන්ත්‍ර ආදිය භාවිතයේදී පිටවන ක්ලෝරෝප්ලුවරෝ කාබන් වායුව ඕසෝන් වියනට හානි පමුණුවන බව ඔබ දන්නවාද.... ඕසෝන් වියනට හානි වීම තුලින් හිරැගේ අහිතකර පාරජම්බුල කිරණ පොළවට පතිත වී විවධ චර්ම රෝග ඇති කරනවා පමණක් නොව මත්ස්‍ය සම්පත විනාශ වීම වැනි කාරණාවන්ද සිදු වේ.

මේ සියලු දේ නවතාලිය නොහැකි තත්ත්වයකට අද පත්ව තිබේ. නමුත් යම්කිසි දුරකට පාලනය කළ හැකිය. ඒ තුලින් සිදු වන්නා වූ විනාශය යම් තරමකට හෝ නවතාලිය හැකිය. එහිදී කළ යුතු ප්‍රධානතම දේ වන්නේ මිනිස් ක්‍රියාකාරකම් පාලනය කිරීමයි. වන විනාශය, පොසිල ඉන්ධන දහනය, විද්‍යාත්මක තාක්ෂණික අත්හදා බැලීම් තුලින් පරිසරයට මුදා හරින අධික විෂ වායු ආදිය නවතා ලිය හැකි නම් අනාගත පරපුර වෙනුවෙන් මිහිමව සුරැකීමට අපට හැකි වනු ඇත. සුන්දර පරිසරය අපගේ ගත සිත විඩාව දුරලයි. සැවොම තෘප්තිමත් කරයි. මේ නිසා මිහිමව සුරැකීමට සැවොම අත්වැල් බැඳගත යුතු කාලය එළඹ ඇත. නැතිනම් සිදු වන්නේ තමන්ගේ වල තමන් විසින්ම කපා ගැනීමකි.


දනුෂි ජයවර්ධන

Friday, July 22, 2016

ගංවතුර


ධනවතුන් දිළින්න් කළ
සිනාවක කඳුලු සිතුවම් කළ
ඳි වත පමණක් ඉතිරි කළ
දිවිය ගැන ඇගයීමක් නොකළ
මහා සාපයක් විය

ප්‍රාර්ථනා





කලුවර මැදියමේ
කඩුපුල් මල් පිපුණාට
ලොවක් ඇහැරෙන හිමිදිරියේ
මිහිරි සියොත් නද ඇසුණාට
බුද්ධියේ තිමිර පට ඉරා
බලන්නට සිතුණාට
ගොඩ ගැසුණු පොත් ගොන්න
සිතට බර දැනුනාට
මව්පියන්  හීන මවන
පැතුම් ලොව කැන්දන්න
දිරි දෙන්න හැමදාම
දයාබර වී හදට..

නොඑන පුතු එනතුරා

නුබ ගැබ පුරා
දිනිදු හිනැහිලා
දිළිහෙන තාරුකා
මවයි රූ රටා
හෙලන සෝ සුසුම්
මද පවනෙ දැවටිලා.....
මපුතු තාම නාවේ කියා
පැළේ පිළ කොනකට වී
පෙරමග බල බලා
ඉන්නෙමි එනතුරා
මව් නුඹේ අද තනි වෙලා......

නැසීගිය ගුරු තරුව







අඩව් කස්තිරම් පද
සීරුමාරුවට ගලපා
පා පැළඳි සිලම්බු මත
ඳුලු පාවඩ එලා
මුදල් මත රජ කරන
ලෝකයක අප සිරවෙලා
වෙස් බැපු නුඹේ හිස
පොළව යට සැගවිලා.....