Friday, August 26, 2016

රූපවාහිනය සහ ළමයා

ලෝකය දවසින් දවස වෙනස් වෙමින් පවතී. එය දවසින් දවස සංකීර්ණය වෙමින් පවතී. ඒ හේතුව නිසාම ළමයා පිලිබඳව අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇත. ඇත්තෙන්ම ළමයා යනු කවුරුන්ද ? පියාජේ නැමැති මනෝ විද්‍යාඥයාට අනුව ළමයා යනු අවුරුදු 5 සිට 15 දක්වා වයස් සීමාවල සිටින පිරිස්ය. උපතේ සිට අවුරුදු 5 දක්වා පිරිස් බිලිඳුන් ලෙස හඳුන්වනු ලබන අතර අවුරුදු 16 සිට 18 දක්වා වයස් සීමාවල අය නව යොවුන් විය හෙවත් ගැටවර අවදිය ලෙස හඳුන්වනු ලබයි. දරැවෙකු මෙලොව එලිය දකින විට නිර්මල පිවිතුරු වස්තුවකි. ඔවුන්ගේ සිතෙහි කිසිඳු කිළිටක් හෝ කහටක් නොමැත. මේ නොකිළිටි වස්තුව නිසියාකාරයෙන් ඔප දැමීමේ පළමු වගකීම ඇත්තේ දෙමාපියන්ටය. එය එක්තරා ආකාරයක අභියෝගයකි. දරැවා හදාවඩා ගැනීමේදී ඔහුට ගරළපෙන පරිසරයක් මවා පෑමෙන් අපට අවැසි සිත්‍රවිලි ළමයා ත්‍රළ ඇති කිරීමට හැකිවෙන බව අධ්‍යාපනවේදියෙකු වන ජෝන්ලොග් විසින් ප්‍රකාශයක් කර ඇත. එහෙයින් වඩාත් සැළකිලිමත් විය යුතු කාරණය වන්නේ ළමා මනසට ගෝචර නොවන සංකල්ප දරැවා මත පැටවීම සැබවින්ම අපරාධයකි. 
අතීතයේදී ළමයා යොවුන් වියට පැමිනෙන තුරැ දැනුම, අවබෝධය ලැබුවේ තමන්ගේ නිවසේ සිටින දෙමාපියන් ඇතුලු වැඩිහිටියන්ගෙනි. ජනතකා, ජනකවි, ජන ක්‍රීඩා මෙන්ම ආගමික වතාවත් මගින් දරැවා වෙත ඥානය ලබා දිම නිවසේ සිටන සියලු දෙනා විසින් ඉටු කැන ලද රාජකාරියක් විය. නමුත් අද මෙම ක්‍රියාවලිය දරුවා තුළින් කොපමණ දුරට ඈත් වී තිබේද ? එදා හැන්දෑවට ආච්චිලා, සීයලා විසින් තම දරුමුණුපුරන් පිරිවරා කවි කතන්දර කියා දිම සුලබ කරුණකි. ඒ තුලින් දරැවා ලද සමාජ පන්නරය අති මහත්ය. නමුත් අද තත්වය ඉතා වෙනස්ය. මහලු දෙමාපියන් අද වැඩිහිටි නිවාසවල තනිවී ඇත. මෙම ඛේදවාචකය නිසා විදයුත් මාධයට වාසිදායක වී ඇත. ඒ නිසා මාධ්‍යයට දරුවන් තම ග්‍රහනයට ගැනීම ඉතා පහසු කටයුත්තක් වී ඇත. එදා නිර්මාණශීලි දරැවන් බිහිකළ සමාජය අද නිර්මාණශීලීත්වයෙන් තොර නිසරු දරැවන් සමාජයට දායාද කරමින් සිටියි.




මෙහිදී වැඩි බලපෑමක් රූපවාහිනිය මගින් ඉටු කරනු ලබයි. අපේ සමහර දෙමාපියන් තම දරුවන්ට බත් කැවීමට හෝ අඩන විට සන්සුන් කිරීමට රූපවාහිනිය යොදා ගැනීම සිදු කරනු ඇකගත හැකිය. කාටූන් වැඩසටහන් සියල්ලක්ම දරුවන්ට යෝග්‍ය යැයි සිතීමට  තරම් දෙමාපියන් අනවබෝධයෙන් කටයුතු කිරීම හාස්‍යට කාරණයකි. ලොව පුරා සිදු කරන ලද පර්යේසණවලින් තහවුරු වී ඇත්තේ ළමා කාටූන් වැඩසටහන්වලින් 70% වඩා වැඩි ප්‍රමාණයක් ළමා මනස කළඹන ප්‍රචන්ඩත්වයෙන් යුතු බවයි.මෙම වැඩසටහන් නිරන්තරයෙන් බලන දරුවන් මේ ප්‍රචන්ජත්වයන් තමන්ට ආරූඪ කරගනු ලබයි. මේ තුලින් දරැවන්ගේ පෞරැෂත්වය බිඳ වැටීම කාටවත් වැලැක්විය නොහැක. 


එසේම රූපවාහිනියට ඇබ්බැහි වු දරුවන්ගෙන් වැඩි දෙනෙකු මානසික රෝගයන්ට ගොදුරුවන බවද  සොයාගෙන ඇත. බැට් මෑන්, ස්පයිඩර් මෑන් වැනි කාටූන් වැඩසටහන් නැරඹීම මගින් දරැවන්ගේ මානසික ආතතිය වැඩි වේ. එසේම දරුවන්ගේ ඇස්වල යම් යම් රෝග තත්ත්වයන් ද මතුවේ. තවද දරුවන්ගේ දෛනික ජීවන රටාව ද කඩි බිඳ දමන බව රහසක් නොවේ. දරැවන් මෙම වැඩසටහන් නරඹන්නේ තමන්ගේ අධ්‍යාපනික කටයුතු පවා අතපසු කර ගනිමිනි. පොත්පත් කියවිමෙන් දරුවන් බොහෝ සෙයින් අෑත් වී ඇත. පොත් ලෝකයේ වින්දනයක් ලබන්නට සිහින අතර සැරිසරන්නට ඔවුන් හුරු වී නැත.මේ නිසාවෙන්ම දරුවන් තුලින් පරිකල්පන ශක්තිය ඈත් වෙමින් ඇති අතරම ශබ්ද කෝෂය ද පටු වෙමින් පවතී. 


රූපවාහිනයට දරුවන් ඇබ්බැහි වී තිබෙන නිසා විවිධ සමාජමය ප්‍රශ්න ද මතු වී ඇත. ඇතැම් දරුවන්ගේ සිතේ ගොඩ ගැසී ඇත්තේ නලු නිලියන්ගේ රෑපයන්ය. ඔවුන්ගේ කුඩා ලෝකයේ වීරයන් වන ඒ නලු නිලියන්ව අනුකරණය කිරීමට පවා දරුවන් පෙළඹෙනු ඇත. මේ ආකාරයට රූපවාහිනිය සමාජීය සහ මානසික අර්බුද මවා පාන බව සත්‍යයක් වුවත් එයින් මිදීමට අපට හැකියාවක් නැත. ඒ තරමටම රූපවාහිනිය සමාජය විනිවිද ගොස් හමාරය. රූපවාහිනි මාධ්‍යෙය් හොඳ නරක එකම කාසියක දෙපැත්ත මෙනි. හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා සේ මෙහි අවශ්‍ය දේ පමණක් ගෙන අනවශ්‍ය දේ බැහැර කිරීමට උගත යුතුය. ඒ තුලින් දරැවන්ගේ සුන්දර ලෝකය විනාශ වීම වැලැක්විය හැකි වනු ඇත.



No comments:

Post a Comment