මිනිසාගේ විවිධ වූ ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵලයක් ලෙසට අපද්‍රව්‍ය හෙවත් කසල පරිසරයට එක් වීම සිදු වන්නේ අද ඊයෙක සිට නොව මානව ශිෂ්ටාචාරයේ ආරම්භක අවධියේ පටන්මය. මානව ශිෂ්ටාචාරයේ වර්ධනයට සමගාමීව සිදු වූ පරිභෝජන රටාවේ වෙනස් වීම මත මේ තත්ත්වය වර්තමානයේ දී පාරිසරික මෙන්ම උග‍්‍ර සමාජ ගැටළුවක් ද බවට පත්ව ඇත. කදුකර පරදේශයන්හි ක`දු අරුමයක් නොවුනත් මේ වන විට කොළඹ අවට ද ක`දු දැකගත හැකිය. ඒ කුණු ක`දුය. කොලොන්නාව මීතොටමුල්ල යන නම ඇසූ පමණින්ම කෙනෙකුට මතක් වන්නේ ගොඩනැගිලි පරයා අහස උසට ඇති කුණු ක`දුය. ඒ අවට ජීවත්වන ජනතාවගේ ජීවිත සැබවින්ම ඛේදජනකය. දශක තුනකටත් වඩා වැඩි කාලයක පටන් මොවුන්ගේ ජීවිත කුණු සම`ග කුණු වෙමින් පවතින්නේ ඔවුන්ගේ වරදක් නිසා නම් නොවේ.
අද වන විට අක්කර 40ක් පමණ වන මෙම භූමි භාගය එවක හ`දුන්වා ඇත්තේ පොතුවිල් කුඹුර නමිනි. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ කාලයේදී වෙල්යාය ගොඩ කළ අතර පසුව මෙම භූමිය මුඩු බිමක් විය. කොළඹ බ්ලූමැන්ඩල් කුණු කන්දේ ඇති වූ ගින්නක් හේතුවෙන් කොළඹ නගරයේ දිනපතා එකතු වන කුණු බහාලීමට ස්ථානයක් නැති වූයෙන් අධිකරණ නියෝගයක් මත කොළඹ නගර සභාවට මෙකී ගොඩ කළ ඉඩමේ තාවකාලිකව කුණු දැමීමට අවසර ලැබුණි. කාලයාගේ ඇවෑමෙන් තාවකාලික කුණු දැමීම ස්ථිර වී අද වන විට මීතොටමුල්ල කුණු කන්ද බ්ලූමැන්ඩල් කුණු කන්ද පරයා උස්ව නැගී සිටින්නේ මේ අවට සිටින ජනතාවගේ ජීවිත කන්දේ හෙවණැල්ලෙන් වසා දමමින්ය.
කුණු කන්ද හේතුවෙන් අගතියට පත් පවුල් සංඛ්‍යාව පන්දහසකට ආසන්නය. මෙහ් සෘජු බලපෑම මත මේ වන විටත් පුද්ගලයන් තිස්දෙනෙක් පමණ තම ජීවිතවලින් වන්දි ගෙවා අවසන් බවට ප‍්‍රදේශවාසීහු මැසිවිලි නගති. මීට අමතරව ඩෙංගු, බරවා, මී උණ, වකුගඩු රෝග, ස්වසන අපහසුතා ආදිය සීඝ‍්‍රයෙන් පැතිර යමින් තිබේ. වයස් භේදයකින් තොරව 60% කට ආසන්න පිරිසක් චර්ම රෝගවලට ගොදුරු වී ඇත. මසකට දෙතුන් වතාවක් වැලඳෙන පහසුවෙන් සුව නොවන උණ ඔවුන්ට අනිවාර්ය දෙයකි. එහිදී කුඩා දරුවන්, ගැබිණි කාන්තාවන්, වයස්ගත පුද්ගලයන් අන් අයට සාපේක්ෂව පීඩා වි`දිනු ලබයි. වැසි කාලයේදී මේ තත්වය වඩාත් දරුණු වන්නේ මේ අවට සිටින අහිංසක ජනතාවගේ ජීවිත මිහිමත අපායක් කරමින්ය. ප‍්‍රදේශයේ ජලය බැස යන කාණු පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය කසල හේතුවෙන් මුළුමුනින්ම අඩාල වී ඇති නිසාවෙන් වැසි කාලයේදී කාණු උතුරා කසල මිශ‍්‍ර වූ අපිරිසිදු ජලය නිවෙස්වලට ගලා එයි. දින කිහිපයකින් වතුර බැස ගියත් මාස ගණනාවක් යන තුරු නිවෙස් තුළින් ඒ දුර්ගන්ධය පහව යන්නේ නැති හෙයින් මොවුන් පත් වන්නේ දැඩි පීඩාවකටය. සෑම දිනකම පැය 24 පුරාම පවතින අධික දුර්ගන්ධය හමුවේ පිළියෙල කර ගත් ආහාරයක්වත් පිරියකින් යුතුව අනුභව කිරීමට නොහැකි වී ඇතර මැසි උවදුරෙන් ආහාර සුරක්ෂිත කර ගැනීම ඊටත් වඩා අපහසු ය.
සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෛනික කටයුතු අවම මට්ටමකින්වත් ඉටු කර ගැනීමට මේ ජනතාවට විශාල පරිශ‍්‍රමයක් දැරීමට සිදුව ඇත. කොටින්ම කිව හොත් ඇ`දුමක් සෝදා වියළා ගැනීම ද දුෂ්කර වන්නේ අධික දුර්ගන්ධයයි. කුණු කන්දේ කසල බල්ලන්, කපුටන් වැනි සතුන් නිවෙස් අවට තැන තැන දැමීම මහත් ගැටළුවකි. මෙවන් වාතාවරණයකදී ඔවුන්ගේ ඥාතීන් පවා ඔවුන්ගේ නිවෙස්වලට නොඑන තත්වයකට පත්ව ඇත. මේ හේතුවෙන් සමාජයේ අනෙක් අය අතර කොන් වීමක් සිදු වේ. උෂ්ණාධික සුළං වැඩි කාලයට ඇ`දුම්වලින් පමණක් නොව තම සිරුරු වලින් ද හමන දුර්ගන්ධය නිසා ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවලට යාමට ද ඔවුන් තුළ ඇත්තේ මැලිකමකි. කායිකව පමණක් නොව මානසිකව ද මෙසේ පීඩාවන්ට ලක් වන්නට මොවුන්ට සිදුව ඇත්තේ මේ කුණු කන්ද නිසාය.
බීමට, නෑමට පිරිසිදු ජලය නොමැතිකම තවත් ගැටළුවකි. කුණු කන්දේ ඇති වන අධික පීඩනය නිසා භූගත ජලනළ පද්ධතියට ද හානි සිදුව ඇති අතර ආණ්ඩුවෙන් ඉදිකළ ළිං ඇතුළු ළිං බොහෝමයක් වසා දමා ඇත්තේ කසල හා ඒවා මගින් නිකුත් වන ¥ෂිත ශ‍්‍රාවයන් මේ ජල ප‍්‍රවාහයන්ට එකතු වන නිසාය. කසල කුණු වීමේදී ඒ තුළින් පිට වන මීතේන් වායුව නිසා ද අවට පිරිස් මහත් අපහසුවකට ලක්ව ඇත. කුණු කන්දේ තෙරපීම හේතු කරගෙන සමහර නිවෙස් කඩා වැටීමකට ලක්ව ඇති අතර සමහර නිවෙස්වල බිත්ති පිපිරීම්වලට ලක්ව ඇත. තවද කුණු කන්ද විටින් විට ඉහළ යාම නිසා නිවෙස්වල ගෙබිම උස් කරන්නට පවා සිදුව ඇත. මේ අවට පාසල් ගණනාවක් ද ඇති අතර සිසු සිසුවියන් තම අධ්‍යාපන කටයුතු කරන්නේ මහත් අපහසුවකින්ය. මීතොටමුල්ල ශ‍්‍රී රාහුල විද්‍යාලය වරෙක වසා දැමුනේද අධික දුර්ගන්ධය හා දළඹුවන් විශේෂයක් බෝ වීම නිසාය. කරුණු කාරණා කෙසේ වුවත් මෙතැනින් වෙනත් තැනකට යාමට ද මොවුන් අකමැතිය. ඒ, ඔවුන් කුණු සොයාගෙන ආවා නොව කුණු ඔවුන් සොයාගෙන ආ නිසාය. කොහොම වෙතත් ඔවුන් දැන් පීඩිතයන් වී හමාරය. කාලයක පටන් වගකිවයුත්තන්ට හා බලධාරීන්ට කොතරම් පැවසුවත් නිසි විස`දුමක් මේ වන විටත් ලැබී නැත. එහි ප‍්‍රතිඵලයක් ලෙස පක්ෂ පාට භේද නැතිව ඔවුන් විසින්ම ගොඩ නගා ගත් ”කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය ” අරගල කරන්නේ තමන්ගේම අයිතීන් වෙනුවෙන්ය. පටන්ගත් තැනම මේ මානුෂීය අරගල නවතා දමන්නට සිදු වන්නේ දේශපාලනමය බලපෑම් මතය. මේ හේතුවෙන් තමන්ගේ දැවෙන ප‍්‍රශ්න පිළිිබ`දව ප‍්‍රසිද්ධියේ කතා කරන්නට මේ පිරිස් දක්වන්නේ බියකි. එය බියකටත් වඩා තම ජීවිතවලට ඇති ආදරයයි.
අද වන විට එක් දිනකට සාමාන්‍යයෙන් කසළ ටොන් 1200 ක් පමණ මේ කුණු කන්දට එක් වේ. වැඩි වන කසල ප‍්‍රමාණයට සාපේක්ෂව ඒ අවට සිටින ජනතාවගේ ජීවිතවලට එකතු වන ප‍්‍රශ්නද වැඩි වේ. කුණු කන්දට මුවා වී කෙරෙන මත්කුඩු ජාවාරම තවත් එක් ව්‍යසනයකි. තරුණ පරම්පරාව විශේෂයෙන් මෙහි ගොදුරු බවට පත් වෙමින් සිටියි. මේ හේතුවෙන් සොරකම්, අපචාර වැනි අපරාධමය තත්වයන්ද ඇති වී තිබීම කණගාටුවට කාරණයකි. මැතිවරණ කාලවලදී පමණක් පාලකයන්ට මීතොටමුල්ල කසල ගැට`ථව මතක් වන්නේය. නමුත් බලයට පත් වූ පසු මර නින්දේය. නැවත ඔවුන්ගේ ඇස් ඇරෙන්නේ ජනතාව හ`ඩ නගන විටය. ඒත් පුදුමයට කාරණය වන්නේ ඇස් ඇරුණාටත් වඩා වැඩි වේගයෙන් නැවත ඒ ඇස් වැසී යාමයි. කුණු කන්දේ ප‍්‍රශ්නය තවමත් එකම තැන විස`දුමක් නැතිව කුණු වෙමින් පවතී.
දනුෂි ජයවර්ධන
2016.03.13 වන දින ඇත්ත පුවත්පතේ පළ විය.
No comments:
Post a Comment