මිනිසාද ස්වභාවධර්මයේ තවත් එක් සත්ව කොට්ඨාසයකි. අසංවරබව කලහකාරීබව නුරුස්නා බව, ප්රචණ්ඩත්වය, මේ සියලු දේ මිනිසා තුල කැටිව ඇත. තිරිසන් සතුන් කෙරේද මේ සියලු ගති ලක්ෂණ සමානව ඇතත් මානවයා පරිණාමය වූයේ මනසේ ක්රියාකාරීත්වය වැඩි දියුණු කර ගනිමින්ය. ලෝකයේ කවර රටක වුවද පුද්ගලයාගේ ආධ්යාත්මික ජීවන රටාව සකස් කර ගැනීමේදී කවර හෝ ආගමක් පිටිවහල් වේ .
ලෝකයේ පවතින කිසිදු ආගමකින් අපරාධයක් සමාජ අයථා ක්රියාවක් සිදු කිරීමට හෝ ඒ සඳහා අනුබල දීමක් සිදු නොකරන අතර අයහපත් චර්යාවන් පාලනය කිරීම සිදු කරයි.
නමුත් වර්තමානයේදී දස දෙසින් ඇසෙන්නේ ඇඟ කිලිපොලා යන අන්දමේ බිහිසුණු අපරාධ ක්රියාවන් පිලිබඳවය .
ජනමාධ්යකරුවන්ගේ අටුවා ටිප්පණි සහිත වාර්තා කිරීම් හමුවේ මේ තත්වය පිලිබඳ තවත් පුළුල් ලෙස කතා කල හැකිය. කෙසේ වෙතත් සැප සම්පත් ධනය පිරි සමාජයේ, සමාජ සම්මතයන්ට එරෙහි අපරාධ සිදු වීම වැලැක්විය නොහැකි තත්වයක් බවට පත්ව ඇත. දිනෙන් දින ප්රසාරණය වන අවශ්යතා හමුවේ සුඛෝපභෝගී ජීවිතයක උරුමක්කාරයෙකු වීමට මිනිසුන් එකිනෙකා පරයා හති ලමින් දිව යයි .
එහිදී තමන්ට එරෙහි වන ඇතැම් බාධක ඉවත් කිරීමට සිදු වන අතර බාධක ලෙස බොහෝ අවස්ථා වල ඉවත් වනුයේ වටිනා මිනිස් ජීවිතයන්ය. තවද මිනිසා තුල ස්වභාවයෙන්ම පවත්නා ලිංගිකත්වය අද වන විට අස්වාභාවික තත්වයට පත්ව ඇත. තම මව දියණිය සහෝදරිය පවා නොහඳුනන තරම් පහත් තත්වයකට පුද්ගලයා පත්ව ඇත. මේ තුලින් ස්ත්රී දූෂණ ළමා අපචාර, ලිංගික අතවර ආදී සමාජ ගැටළු එන්න එන්නම වැඩි වෙමින් පවතී. සොරකම් කිරීම් මංකොල්ලකෑම් පැහැර ගැනීම්, පාතාල ක්රීයාකාරකම් තව තවත් හිස ඔසවනවා මිසක අඩු වීමක් දක්නට නැත.
පුදුමයට කාරණය වන්නේ ලංකාවේ මිනිසුන්ට කොතරම් අපරාධ ක්රියා සිදු වූවත් දින කිහිපයකින් ඒ පිලිබඳව මතකයක් හෝ නොමැති වී යාමය. අපරාධයක් සිදු වන අවස්ථාවකදී උද්ඝෝෂණ මාධ්‍ය සාකච්ඡා දැනුවත් කිරීම් කොපමණ සිදු කලත් දින කිහිපයකින් ඒ උණුසුම මැකී කාගේත් අවධානය ඒ කෙරෙන් අඩු වේ. නමුත් දින කිහිපයකින් නැවතත් අපරාධයක් සිදු වුවහොත් නිදා සිටි සියල්ලෝ නැවත් අවදි වන්නේ පෙරටත් වඩා ජවයෙනි. සැබවින්ම සිදු විය යුත්තේ මෙයද@
නීතිය නිසි පරිදි ක්රියාවට නැංවීම තුලින් මේ තත්වයන් යම් තරමකට හෝ පාලනය කිරීමට හැකිවනු ඇත. රටක යහපැවැත්ම ස්ථිර වන්නේ එවිටය. නමුත් වර්තමානයේ සිදු ව ඇත්තේ හාත්පසින්ම වෙන්ස් දෙයකි. සිපිරි ගෙය දඬුවමක් වි ඇත්තේ එහෙමත් පිරිසකට පමණි. දණ්ඩනයට යටත් වන බොහෝ අපරාධකරුවනට එය සුවපහසු නවාතැන.කි ජීවිතාන්තය දක්වා සිපිරි ගෙට නියම වූ අපරාධකරුවන්ද සමාකාල ඔස්සේ ගියාටත් වඩා වැඩි වේගයෙන් නැවත පැමිණේ. බුද්ධියෙන් සිතා බැලිය යුතු කාරණය වන්නේ දඬුවමක් ලබා දීම තුලින් පමණක්ම අපරාධ වැලැක්විය හැකිද යන්න.යි එය එසේ සිදු වන්වා නම් මේ වන විට පොලිස් ස්ථාන උසාවී බන්ධනාගාර පාළුවට ගොස් තිබිය යුතු වන්නේය.
අපරාධයක් සිදු වූ පසුව දණ්ඩනයකට යටත් කරනවාට වඩා පුද්ගලයා තුල, අපරාධයක් සිදු කිරීමට බියක් ඇති කිරීම වඩා ඵලදායි වන්නේය. ඒ තුලින් තමන් විසින්ම තමන්ගේ පැවැත්ම, ආවේග පාලනය කර ගැනීම සිදු කරමින් ස්වයං විනයක් සකසා ගනු ඇත. පිරිහෙමින් පවතින ආචාර පද්ධති, සාරධර්ම නැවතත් මානව ජීවිත වලට ලං කරවීමට කටයුතු කරමින් ආගමානුකූලව පුද්ගල පැවැත්ම සකසා ගන්නේ නම් එය වඩා වැදගත් වන්නේය. මන්ද අන් කවරකටත් වඩා පුද්ගලයා හික්මවීමේ බලය ආගමකට ඇත යන පිලිගැනීම තවමත් ජනසමාජය තුල ඇති නිසාවෙන්ය.
දනුෂි ජයවර්ධන
No comments:
Post a Comment